බප/කැල සංඝමිත්තා මහා විද්‍යාලය පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය අධ්‍යාපන කලාපයේ ඉියගම කොට්ඨාසයේ හෙයියන්තුඩුව ග්‍රාමයේ ය. මෙම පාසල පිහිටි ප්‍රදේශය අතීත පුරාවෘත්ත බොහොමයකට පාදක වී ඇත. පළමුවන රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පලවා හැරීම සඳහා විසිදහසක හමුදාවක් සමඟ පැමිණ කඳවුරු බැඳගත්තේ, මාබිම රක්ගහවත්තේ ගනේගල මස්තකයෙහි ය.ක්‍රි.ව 1635 – 1687 දක්වා රාජ්‍යත්වයට පත් දෙවන රාජසිංහ රජු ‘ඉඟුරු දී මිරිස් ගත්තා වගේ’ යන පිරුලට පාදක වූ ගිවිසුම අත්සන් කර ඇත්තේද හෙයියන්තුඩුව දකුණු කොටසට අයත් මාබිම ගනේගලදී ය. රජු වැඩ සිටි මහා බිම මාබිම ලෙසද රජුට වඩුවැඩ කර දුන් ගම වඩුවේගම ලෙසද දුනු ඊතල හා කම්මල් වැඩ කර දුන් ගම කම්මල්වත්ත ලෙසද හඳුන්වනු ලැබීය. එසේම රජුට යබර සැපයූ ගම යබරලුව ලෙසද රජුගේ නියමයෙන් පවා දර නොගෙනා ගම දරණාගම ලෙස ද නැවත දඬුවම් වශයෙන් රජ අණින් දර ගොඩ ගැසූ තැන මහදරාව ලෙස ද හඳුන්වා අත. රජුගේ ප්‍රධාන හමුදා සමූහය රඳවා සිටී ප්‍රදේශය ගනේවත්ත, රණාල වූ අතර හේවායන්ට කිරි සැපයීම සඳහා රැගෙන ආ හාරදහස් ගණනක ගව පට්ටියට තණකොළ කැවීම සඳහා රැගෙන ගිය මිටියාවත පට්ටියවිල විය. රජුගේ හමුදා විසින් පෘතුගීසීන් කඩු ගෑ වෙල කඩුවෙල වශයෙන් හැඳින්වූ අතර රජුගේ හමුදාවට පෘතුගීසීන් බිය වූ ගම බියගම ලෙස ද හඳුන්වනු ලැබීය. රජු රැගෙන ආ හාරදහසක ගවයින් බැඳි තිබූ තුඩුව හෙයියන්තුඩුව ලෙස හඳුන්වනු ලැබූ අතර පැන් පහසුව සඳහා හෙයියන්තුඩුවේ ගම්පති ඇතුළු පිරිස පොකුණක් සාදා එය රජුට භාරකළ අවස්ථාවේ දී රජු ගම්පතිට මුතුහර පිරිනැමූ බවත් එය ප්‍රතික්ෂේප කළ විට හෙයියන්තුඩුව ගම්වරය සහ එම ගමෙහි නම වාසගගම ලෙස භාවිතා කිරීමට නියම කළ බවත් වැහිලිහිණි අස්නෙහි සඳහන් වේ. හෙයියන්තුඩුව ග්‍රාමය වර්තමානයේදී උතුර, දකුණ, බටහිර හා නැගෙනහිර වශයෙන් වසම් හතරකින් සමන්විතය.සංඝමිත්තා විද්‍යාලය නැගෙනහිර වසම තුළ පිහිටා ඇත. වත්මන් රාජපක්ෂ මාවත හෙවත් එවකට වවුල්කැලේ ප්‍රදේශයේ විසූ අජානිස් රාජපක්ෂ යන අයට අයත්ව තිබූ ඉඩම හෙයියන්තුඩුවේ සේදිරිස් මුදලාලි විසින් මිලට ගන්නා ලද අතර පසු කලක දී එහි අයිතිය ඕ.ජිනදාස හාරගල මුදලාලි මහතාට හිමි විය. ඩී ආර් ඕ කාර්යාලය පවත්වාගෙන ගියේ එම ඉඩමෙහි ය. ඊට පෙර එම ඉඩමෙහි ‘ඉස්කෝලේ’ නමින් පාසලක් පවත්වාගෙන ගොස් ඇත. මෙම පාසල් සමාගමේ සභාපති ධුරය මාකොල, ඒ.බී. වෙදමහතා විසින් කලක් දැරීය. මෙම පාසලේ රූපසිංහ නම් ඉස්කෝලේ මහතකු කඩුගම්පිටියේ ඉස්කෝලේ මහතා යැයි අයෙකු මෙන්ම මායාවතී එගොඩවත්ත නම් ගුරුවරියක් ද සේවය කර ඇත. මායාවතී එගොඩවත්ත මහත්මියගේ සොයුරියක් වූ උස්සාපිටියේ බෝධිරාජ පාසලේ ඉගැන් වූ ලීලාවතී නම් මහත්මියක් ද 1940 දශකයේ පමණ සේවය කර ඇත. පසු කාලයේ සමාගම් පාසල දැනට ඇති සංඝමිත්තා පාසල් භූමියට රැගෙන විත් තිබේ. හෙයියන්තුඩුවේ කොර්නේලිස් මහතා මහතා ඒ සඳහා ඉඩම් කොටසක් පරිත්‍යාග කර ඇත. එකල අර්.එස්.පෙරේරා මහතා කැලණියේ අමාත්‍ය ධුරය දැරී ය. පසුකාලයේ දී පාරෙන් එපිට තිබෙන ඉඩම පාසල සඳහා මිලට ගෙන ඇත. හෙට්ටිආරච්චිගේ ජේන් නෝනා මහත්මිය, හෙට්ටිආරච්චිගේ ඇගිනෝනා මහත්මිය,කර්තේලිස් හෙට්ටිආරච්චි මහතා, බේබි නෝනා හෙට්ටිආරච්චි මහත්මිය ආදී පිරිස විද්‍යාලය අධිපතිවරු හා අධිපතිවරියන් ලෙස සේවය කර ඇත. පසුව මීගහවත්ත ප්‍රදේශයේ සුමනරත්න මහතා විදුහල්පති ධුරය හොබවා ඇත. ඉන් පසු 1990 දශකය දක්වාම පට්ටිවිල කේ.චාල්ස් මහතා සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පති ධූරය හෙබවා ඇත. එතුමා පාසල වෙනුවෙන් මහඟු මෙහෙවරක් සිදුකොට ඇති බව එකල ඉදිවුණු ගොඩනැගිලි හා විද්‍යාලයේ සංවර්ධනය විමසා බලන විට පෙනී යයි. ක්ලැරිස් සිරිවර්ධන මහත්මිය විදුහල්පති ලෙස පත්ව අති අතර විද්‍යාගාරය, ක්‍රීඩාංගනය ඉදිකිරීමට කටයුතු කර ඇත. සාමාන්‍ය පෙළ දක්වා වූ පාසල මෙම වකවානුව වන විට උසස් පෙළ දක්වා වර්ධනය කර ගැනීමට හැකිවී ඇත. අනතුරුව විදුහල්පති ලෙස ආර්.එම්.සුදුදේව මහත්මිය පත් වූ අතර පාසලට තෙමහල් ගොඩනැගිල්ලක් ලබා ගැනීම, බුදු මැදුරක් ඉදිකිරීම ආදී කාර්යයන් සිදු කර ඇත. 2023.04.03 දින සිට වර්තමාන විදුහල්පති සුබානි වික්‍රමසිංහ මහත්මිය කටයුතු කරනු ලබයි. මේ වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව දහස ඉක්මවයි. ආචාර්ය මණ්ඩලය 45කි. අනධ්‍යයන කාර්ය මණ්ඩලය 8කි. බප/කැල සංඝමිත්තා මහා විද්‍යාලය 1C පාසලක් වන අතර අ.පො.ස උසස් පෙළ කලා සහ වාණිජ විෂය ධාරාවන් ක්‍රියාත්මක වේ. එක් එක් ශ්‍රේණියට අදාල සමාන්තර පන්ති සංඛ්‍යාව 3 කි.
ගුණ නැණ බෙලෙන් සපිරි විශිෂ්ටයන් බිහි කිරීම.
දැනුම, ආකල්ප,කුසලතා සමුදායෙන් විකසිත වු නවීන ලෝකය දකින පරිසර හිතකාමී ගුණ නැණ බෙලෙන් සපිරි පුද්ගලයෙකු බිහිකිරීම අපගේ මෙහෙවරයි.